Call Our Toll-Free Number: 123-444-5555

ලෝක විනාශය ඇත්තටම සිදුවේද


ලෝක විනාශය ඇත්තටම සිදුවේද

දෙසැම්බර් 21 වැනිදාට තව ඇත්තේ දින හයකි. ලෝකවාසීන් මිලියන ගණනක්‌ අතර ලෝක විනාශය ගැන විවිධ මිථ්‍යා මත පැතිර යමින් පවතී.
එක්‌ ප්‍රචාරයකින් කියෑවුණේ සූර්යා විසින් පෘතුවිය විනාශ කරන බවයි. තවත් පුවතකින් පැවසුණේ ග්‍රහයෙක්‌ පෘථිවිය වෙත ගැටීමෙන් පිටසක්‌වල ජීවීන්ගේ ආක්‍රමණයක්‌ සිදුවන බවයි. ඒ නිසාම මිලියන 25 ක්‌ ඇමරිකානුවන් අවි ආයුධ රැස්‌ කරගෙන ඇතැයි නාසා ආයතනය විසින්ම හෙළි කර ඇත. මේ සමගම පාප් වහන්සේ ක්‍රිස්‌තියානි ජනතාව වෙතින් ඉල්ලීමක්‌ කරමින් ලෝක විනාශය නමැති මිථ්‍යා මතයට නොරැවටෙන්නැයි ඉල්ලා ඇත.
ලෝක විනාශය පිළිබඳ මායාවරුන්ගේ අනාවැකිය ගැන ගෝතමාලාවට ගොස්‌ විමර්ශනයක්‌ සිදු කළ නැෂනල් ජියෝග්‍රැµsක්‌ සඟරාවේ ඩිජියෝ බුහුඑල් පැවසුවේ "මායාවරුන් උමං ජලාශ ඉදිකරමින් සශ්‍රීක දිවිපෙවෙතක්‌ ගත කළ බවත් එහෙත් හදිසියේ ඇතිවූ නියඟයට මුහුණදීම නිසා අසහනකාරී තත්ත්වයට පත්වූ බවයි. ඔවුන් ජල දෙවියා යෑයි හඳුන්වන චොක්‌ දෙවිඳුට ළමුන්ව පවා බිලි දුන්නා. එහෙත් එම ක්‍රමවේදය සාර්ථක වූයේ නැහැ. අපි මේ උමං ජලාශ සියල්ලම නිරීක්‍ෂණයට ලක්‌ කළා"යෑයි ඔහු සිටියේය.
මේ අතර මායා දින දර්ශනය ගැන අභ්‍යවකාශ විමර්ශන මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජෝන් කැල්සන් පවසන්නේ එහි දොaෂ රැසක්‌ ඇති බවයි. නාසා ආයතනයේ ග්‍රහයන් සම්බන්ධ විමර්ශන ආචාර්ය දොන් සෝබන්ස්‌ ද කියා සිටියේ උල්කාපාත හෝ ධුමකේතු පෘථිවිය සමග ගැටෙන බවට නිසි තොරතුරු නැති බවයි. එහෙත් උල්කාපාතයක්‌ පෘථිවිය වෙත එනවා නම් දීප්තිමත් තිතක්‌ දක්‌නට ලැබෙයි"යෑයි හෙතෙම පළ කළේය. මේ පසුබිම මැද ටව්ටාටිස්‌ නමැති උල්කාපාතය පෘථිවියට කිලෝමීටර් 226000 ක්‌ ඈතින් ගමන් කරන බවත් ඉන් අර්ධ සූර්යග්‍රහණයක්‌ ඇතිවිය හැකි බවත් ඇමරිකානු නාසා ආයතනය විසින් හෙළි කර ඇත. එසේම තවත් උල්කාපාතයක්‌ පෘථිවියට සැතපුම් මිලියන 4.3 ක්‌ ඈතින් ගමන් කෙරේ. මෙම උල්කාපාතවල ගමන ස්‌ලෝ නමැති අධිතාක්‍ෂණික අභ්‍යවකාශ කැමරාව මගින් දෙසැම්බර් 11 වැනිදා සිට නිරීක්‍ෂණය කරන බව හෙළි විය. මෙකී ටව්ටාටිස්‌ උල්කාපාතාය දුරදක්‌නාවලින්ද විමර්ශනය කළ හැකිය. මේ අතර ලෝක විනාශය නමැති සිද්ධිය ගැන නාසා ආයතනය වීඩියෝ පටයක්‌ නිර්මාණය සුෙච්රියානුවන් විසින් නිබ්රු නමැති ග්‍රහයෙක්‌ සිටින බව කීවා. නමුත් එවන් ග්‍රහයෙක්‌ සෞරග්‍රහ මණ්‌ඩලයේ නැහැ යෑයි නාසා වීඩියෝ පටයෙන් ප්‍රකාශ කර ඇත.
එහෙත් ටව්ටාටිස්‌ උල්කාපාතය චන්ද්‍රිකාවක්‌ සමග ගැටීමේ ඉඩ ඇති බව නාසා රසායනාගාරයේ විද්‍යාඥ පෝල් චෝද්‍රdස්‌ කියා සිටී. මේ උල්කාපාතය පෘථිවිය අසලින් ගමන් කරන්නේ 2013 පෙබරවාරි 15 දායි. එය මුලින්ම සොයාගනු ලැබුවේ ස්‌පාඤ්ඤයේ ලා සැක්‌ ආකාශ වස්‌තු පරීක්‍ෂණාගාරයයි. එසේ වුවත් ලොව විවිධ රටවලදී දක්‌නට ලැබෙන ආලෝක ධාරා සහ ශබ්ද කුමක්‌ද යන්න ගැන මෙතෙක්‌ හෙළිවී නැත. මේ හැර සතුන්ගේ හැසිරීමේ රටාව ද වෙනස්‌වීමේ සිද්ධීන් වාර්තා වී ඇත. මෙම තත්ත්වය නිසා අබිරහස්‌ ක්‍රියාදාමයක්‌ සිදුවීමට ඉඩ ඇතැයි ඇතැම් නිරීක්‍ෂකයෝ පවසති. එහෙත් නාසා ආයතනයේ විද්‍යාඥ ඩේවිඩ් මොරිසස්‌ පවසන්නේ පෘථිවියට කිසිසේත් හානිදායක තත්ත්වයක්‌ ඇති වන්නේ නැති බවත් ඇමරිකානු ජනතාවගෙන් විශාල පිරිසක්‌ තුවක්‌කු හා උණ්‌ඩ මෙන්ම ගිනිපෙට්‌ටි ද රැස්‌ කරගන්නා බවයි. මේ මිථ්‍යා කතාවට ළමුන් පවා බය වෙලා. ඇතැමුන් ආහාර අනුභව කරන්නේ නැහැ. නිදා ගන්නේ නැහැ. ඇමරිකානුවන් දැන් නත්තල සැමරීමටවත් උනන්දු වන්නේ නැහැ යෑයි මොරිසන් කියා සිටියේය.
මෙලෙස අවි ආයුධ එක්‌රැස්‌ කරගෙන සිටින පිරිස්‌ 21 වැනිදා තමන් සිටින ස්‌ථානවල සිටිය යුතුයි. ඔවුන් එළියට පැමිණ අරාජික තත්ත්වයක්‌ ඇති නොකරන්නැයි මා ඉල්ලනවා යෑයි ඔහු වැඩිදුරටත් පළ කළේය. මේ අතර මායාවරුන්ගෙන් පැවත එන්නන් විසින් පිහිටුවාගෙන ඇති මායා ජනතා කමිටුවේ නියෝජිත මේරි කොබා පවසන්නේ සුදු ඇඳුමින් සැරසී සුදු ඉටිපන්දමක්‌ දැල්වීමට ක්‍රියා කළ යුතු බවයි. එහෙත් රුසියාවේ ටොම්ස්‌ක්‌ නගරයේ සමාගම් නගර වැසින්ට ලෝක විනාශයෙන් වැලකීමේ පෙට්‌ටි ඇලෙවි කිරීම අරඹා ඇත. ඊට ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා වොඩ්කා මත්පැන් බෝතලයක්‌ ද ඇතුළත් වී තිබේ. මෙම වාතාවරණය මැද ලෝක විනාශය සිදුවන බවට මායාවරුන් පැවසූ අනාවැකිය තේමා කරගෙන රෝලන්ඩ් එමර්ජිත් විසින් 2012 නමින් චිත්‍රපටයක්‌ ද, ස්‌ටීවන් ඕල්ටන් විසින් මායා තෙස්‌තමේන්තුව නමින් ග්‍රන්ථයක්‌ ද ප්‍රකාශයට පත් කිරීමෙන් මිථ්‍යා මත විශ්වාස කරන්නෝ බීතියට පත්වූහ.

0 comments:

About

Nadeera Gayantha Weerasinghe