Call Our Toll-Free Number: 123-444-5555

උන්මත්තකයෙකුගේ වෙඩි තැබීමකින් ලමුන් 20ක් මරුට


උන්මත්තකයෙකුගේ වෙඩි තැබීමකින් ලමුන් 20ක් මරුට

පසුගිය සිකුරාදා අමෙරිකාවේ NewTown, CT හි පෙර පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 20 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
වාර්තා වන අන්දමට, මෙය ඉතා සැලසුම් සහගතව කරන ලද මිනීමැරුමක් බවට කරුණු සනාත කරගෙන තිබෙනවා. ඇඩම් ලංසා හෙවත් එම 20 හැවිරිදි ඝාතකයා සිකුරාදා උදෑසනම එම පෙර පාසලට පැමිණ එම විදුහලේ විදුහල් පතිණිය ගෙ කාමරයට ගොස් එතුමිය ඝාතණය කර පසුව පන්ති කාමර වලට ගොස් අවුරුදු 5-10 අතර වූ එම සිසුන් 20 දෙනෙකු හා ගුරුතුමිය අතුලු තවත් ගුරුවරුන් 4 අමාණුෂික ලෙස ඝාතණය කර තිබෙනවා, අනතුරුව ඔහු එම ගිනි අවිම භාවිතාකරමින් තම දිවි තොර කරගෙන තිබෙනවා.ආරංචි මාර්ගවලට අනුව ඔහුට ගිනි අවි 6ක පමණ තිබීඇති අතර ඔහු මේ සදහා ගිනි අවි තුනක් භාවිතා කරතිබෙනවා. මේ ගිනි අවි සියල්ල ඔහුගේ මවගේ නමට ලියපදිංචි කර අති අතර, පෙර පාසලට පැමිණීමට ප්‍රතම ඔහු තම මවද නිවසෙදී ඝාතණය කරතිබෙනවා.
පාසලෙ සිටි ගුරුවරියන්ගේ බුධිමත් ක්‍රියාකලාපය නිසා තවත් බොහොමයක් සිසුන්ගේ දිවි බේරා ගෙන තිබෙනවා. එක් ගුරුවරියක්, වෙඩි හඩ අසී තම සිසුන්ට පන්ති කාමරයෙ සැගවීමට කියා, ඝාතකයා පැමින සිසුන් කොහේදැයි අසූවිට ඔවුන් Gym ඒකට ගියා යැය් පවසා තිබෙනවා, අනතුරුව ඇයට වෙඩිතැබූ ඝාතකයා එතනින් පිටව ගොස් තිබෙනවා.
ඔහු කිසියම් මානසික රෝගයකින් පෙලෙන්නට ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාශ කරනවා. මෙය ඇමරිකානු ඉතිහාසයෙ දෙවෙනි දරුණුම ඛේදවාචකය ලෙස සදහන්.

0 comments:

About

Nadeera Gayantha Weerasinghe