Call Our Toll-Free Number: 123-444-5555
  • Youtube Video

    Lorem ipsum dolor sit amet, consetetur sadipscing elitr, sed diam nonumy eirmod tempor invidunt ut labore.
    Stet clita kasd gubergren, no sea takimata sanctus est Lorem ipsum dolor sit amet.

    See All Features
  • Image With Text

    Lorem ipsum dolor sit amet, consetetur sadipscing elitr, sed diam nonumy eirmod tempor invidunt ut labore.
    Stet clita kasd gubergren, no sea takimata sanctus est Lorem ipsum dolor sit amet.

    See All Features

ලිංගික අධ්‍යාපනය


විවාහයේ ප්‍රථම යෝනි සංසර්ගයේ දී කන්‍යා පටලය බිඳී ගියේ නැද්ද?

ලිංගික අධ්‍යාපනය

ගැහැණු දරුවෙකුට කන්‍යාවී ඪසරටසබ යන නම ලැබී ඇත්තේද මෙම පටලය නිසාම විය හැකිය. මේ නිසාම මෙම පලටය පිළිබඳව ලාංකීය සමාජය තුළ මුල් බැසගත් මතයන් අපට බැහැර කළ නොහැක. එහෙත් කන්‍යා පටලය (කුමරි පටලය - ්‍යහපැබ) පිළිබඳව විද්‍යාත්මකව හැදෑරීමේදී පෙනී යන ප්‍රධානම කරුණක් වන්නේ කන්‍යා පටලය පිළිබඳව තවමත් ලාංකික සමාජය තුළ ඇත්තේ මිත්‍යා මතයන් රැසක් බවයි.

මෙම මිත්‍යා මත නිසා බොහෝ කාන්තාවන් පීඩාවට පත්ව සිටින බවද නොරහසකි. කාන්තාවකගේ කන්‍යා පටලය පිළිබඳව දිග හැරෙන මෙම ලිපියට ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.ශී‍්‍ර ලංකාවේ වෙසෙන බොහෝදෙනෙක් කන්‍යා පටලය පිළිබඳව වැඩි අවධානයකින් සිටින බව පෙනෙනවා. නමුත් මේ කන්‍යා පටලය පිළිබඳව පැතිර තිඛෙන මති මතාන්තර බොහොමයක් මිත්‍යා මතයන් වෙනවා.

විවිධ ඝනකමින් යුත් කන්‍යා පටලය යෝනි මාර්ගයේ පිටත විවරයේ සිට සෙන්ටිමීටර් 1/2 පමණ ඇතුළතින් පිහිටා තිඛෙනවා.කන්‍යා පටලය මැද පිහිටි සිදුර ගෝලාකාර, ඕවලාකාර, පැල්මක් ලෙස, සිදුරු කිහිපයක් සහිත දැලක් ලෙස, හෝ මලක් සේ රැලි සහිත සිදුරක් ලෙස පිහිටා තිබිය හැකියි. කන්‍යා පටලයේ ප්‍රමාණය මැද ඇති සිදුරේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. තුනී, කැඩෙන සුළු සාමාන්‍ය ලෙස ඝනකමින් යුත්, ඉලාස්ටික් මෙන් ඇදෙන සුළු කන්‍යා පටල දැකිය හැකියි.
කලාතුරකින් සමහර ගැහැණු ළමුන්ට කන්‍යා පටල උපතේදී නොපිහිටන අතර සමහර දරුවන්ගේ කන්‍යා පටලය ඝනකමින් වැඩි වෙනවා. එමෙන්ම තුනී ඇදෙන සුළු කන්‍යා පටලයද මැද රැලිවලින් යුත් සිදුරක් සහිත ඉලාස්ටික් මෙන් ඇදෙන සුළු කන්‍යාපටල සංසර්ගයේදී බිදී නොයාමට ඉඩකඩ තිඛෙනවා. ඝනකම කන්‍යා පටල පිහිටි ගැහැණු ළමුන්ගේ කන්‍යා පටල ඉවත් කිරීම සඳහා නිර්වින්දන තත්ත්ව යටතේ ශල්‍යකර්ම සිදු කිරිමටද සිදුවෙනවා.

එමෙන්ම සමහර ගැහැනු දරුවන්ගේ කන්‍යා පටලය යෝනි විවරයේ කුඩා ගැට්ටක් ලෙස පිහිටීමටද හැකියාව තිඛෙනවා. එවැනි කාන්තාවන්ටද පළමු සංසර්යේදී රුධිර පිටවීමක් සිදුවන්නේ නැහැ. කන්‍යා පටලය ඉරී ගිය ස්ථානයේ රුධිර නාල නොතිබුණා නම් හෝ එම ස්ථානය තුනී නම් පැහැදිලි රුධිර ගලනයක් දැකිය හැකි වන්නේ නැහැ.

කන්‍යා පටලය ඉතා තුනී ගැහැණු දරුවන් බයිසිකල් පැදීම, ක්‍රීඩා කිරීම, ගස් නැගීම වැනි ක්‍රියාවන්වලදී නොදැනුවත්වම කන්‍යා පටලය ඉරී යාමකට ලක්විය හැකියි.

කන්‍යාවක් ඪසරටසබ නම් මධුසමයේ ප්‍රථම රාත්‍රියේදී සිදුවන ප්‍රථම යෝනි සංසර්ගයේදී කන්‍යා පටලය බිදී රුධිර ගලනයක් සිදුවිය යුතු බව බොහෝ අයගේ මතයක් වෙනවා. එහෙත් එය ඉතාම වැරදි මතයක් වෙනවා. අප කළ සමීක්ෂණවලට අනුව ලංකාවේ කන්‍යාවන්ගෙන් තුනෙන් පංගුවකට ප්‍රථම සංසර්ගයේදී රුධිර ගලනයක් සිදු නොවූ බවට වාර්තා වුණා.

ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වූ පසු ඔසප් වීම හෙවත් ආර්තවය මසකට වරක් සිදුවෙනවා. ගර්භාෂයෙන් මසකට වරක් පිටවන රුධිරය එහි ගෙල හරහා යෝනි මාර්ගයට පැමිණ කන්‍යා පටලයේ සිදුර තුළින් පිටතට ගලා එනවා. මේ සඳහා එම පටලයේ පවතින සිදුර හොඳටම ප්‍රමාණවත් වෙනවා.

කන්‍යා පටලයක් නැති කෙනෙකුට අලූ‍තින් කන්‍යා පටලයක් සවි කිරීමේ හැකියාවක් නැහැ. එහෙත් ඝනකමට පිහිටි කන්‍යා පටලයක් ඉරී ඇත්තේ එක තැනකින් හෝ දෙතැනකින් පමණක් නම් එය ඉතා සියුම් සැත්කමකින් දියවන සුළු මැහුම් යොදා නිවැරදි කළ හැකියි.

කන්‍යා පටලයේ ස්වභාවය හා එහි පිහිටීම ලිතොටොමී ඉරියව්ව (ඛසඑයදඑදපහ ඡදිසඑසදබ) ට පැමිŒමෙන් පරීක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. එය වෛද්‍යවරයෙකු ලවා හෝ තමන්ටම පරීක්ෂා කර ගැනීමේ හැකියාවද පවතිනවා.

කන්‍යා පටලය තිබියදී වුවත් කාන්තාවක් ගර්භනි වීමේ ඉඩකඩ පවතිනවා.

පිරිමියා විසින් මුදා හරිනු ලබන ශ+ක්‍රානු යෝනි ස්‍රාවය සමඟ එකතු වී කන්‍යා පටලයේ සිදුර හරහා පීනා ගොස් යෝනි මාර්ගයට ඇතුලූ‍ වීමෙන් පසු පැලෝපීය නාලයේදී ඩිම්බයක් සමඟ සංසේචනයෙන් කාන්තාවක් ගර්භනී වීමේ ඉඩකඩ පවතිනවා

උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව




උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.

උපන් ලපය 04
මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්‌මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.

උපන් ලපය 05
ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක්‌ කරදර ස්‌වල්පයක්‌ සහිත ප්‍රීතිමත් ජීවිතයක්‌ සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස්‌ ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

උපන් ලපය 06
මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්‌ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්‌ෂා අනාගතයේ යථාර්ථයක්‌ වනු ඇත.

උපන් ලපය 07
මෙවැනි උපන් ලපයක්‌ හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක්‌ හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය
රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.

උපන් ලපය 08
උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක්‌ සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක්‌ අඩුය. ආරක්‌ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි.

උපන් ලපය 09
උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්‌තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක්‌ විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

උපන් ලපය 10
පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.

උපන් ලපය 11
පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට
රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.

උපන් ලපය 12
මෙම උපන් ලපය විශාල වාසනාවක්‌ උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්‌ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක්‌ නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.

උපන් ලපය 13
පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක්‌ ලැබෙයි. ස්‌ත්‍රියකට නම් කඩවසම් සැමියෙක්‌ ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.

උපන් ලපය 14
පුරැෂයකුගේ මෙය පිහිටා තිබේනම් සෞභාග්‍ය සංකේතවත් කරයි.එය භාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඡීවිතයේ උසස් ස්ථානයකට පත්වෙයි.
මෙවැනි උපන් ලපයක් හිමි කාන්තාවක් ඇය සිය දරුවන්ට ඉහලම ආරක්ෂාවත් ආදරයත්උරුමකරදීමට කැපවෙයි.

උපන් ලපය 15
මෙම ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක් ලබාගැනීමට ඔබ වෙහෙස වී වැඩ කලයුතු බවයි.විශේෂයෙන් ඇඟ වෙහෙස වී වැඩ කිරීමට සිදුවනු ඇත.

උපන් ලපය 16
මෙයින් අදහස් කරන්නේ බොහෝ වෙහෙස වී වැඩ කලත් ප්‍රතිපල ලබාගැනීමට අපහසු බවයි.මෙය කාන්තාවකට නම් මුදල් පිලිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර අර පරෙස්සමෙන් වියදම් කල යුතු කෙනකි.මහන්සියෙන් උපයාගත් මුදල් ක්ෂනිකව වැයවී යන කාරනා ඔබට සුලබව යෙදේ.

උපන් ලපය 17
මෙයින් සංකේතවත් වන්නේ ඡීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනකු බවයි.අතේ ගැවසෙන මුදල් ඔබගේම නොවන්නට පුලුවන.නමුත් ඔබ ප්‍රවේසම් විය යුතුය.මෙය අනතුරු අඟවන උපන් ලපයකි.

උපන් ලපය 18
ප්‍රතිපත්ති ගරුකබව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ.පමන ඉක්මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුනයද ඇය සතුය.මෙම උපන් ලපය හිමි ස්ත්‍රී පුරුෂ සැවොම මුදල් වියදම් කිරීමට ආශාකරන අයයි.සැමටම ආර්තික අතින් දුෂ්කරතා වලට මුහුන පෑමට සිදුවේ.පුන්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදු වන්න.ඒමගින් අර්තවත් දේ සඳහා පමනක් ඔබ මුදල වැයකිරීමට පුරුදු පුහුනුවනු ඇත.ඔබ ධනවත්මුත් ලැබෙන ආදායමට වඩා වියදම් ඉහල ස්වභාවයක් දිස්වේ.නමුත් මෙය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අයෙකු වෙත ධනය ගලාඑන බවටද විස්වාසයක් පවතී.

උපන් ලපය19
කලවයේ ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක් හෝ ලප කීපයක් ඇත්නම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි.කාන්තාවකගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්වඋත්සාහයෙන්ම ධන වාසනාව උදාකරගත යුතුබව පැවසේ.

උපන් ලපය20
මෙම උපන් ලපය සුබ ලකුණක් නම් නොවේ.මෙමගින් ඡීවිතයේ අසීරු කාල පරිඡිඡේදය සහ වියදම් හඟවනු ඇත.

උපන් ලපය21
පුරුෂයකුගේ මෙය පිහිටියේ නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට හා සංචාරයයි.රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත.උපන් ලපය තිතක් මෙන් කුඩානම් සතුට පෙන්වයි.නමුත් එය කැළලක් මෙන් විශාල නම් එයින් අදහස් වන්නේ සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.


උපුටා ගැනීම- රීජස්‌ටි ඩයිජස්‌ටි සඟරාව ඇසුරෙන්.......


2013 වසර ඔයාට කොහොමද..? ලග්න පලාපල බලන්න කැමතිද...?

2013 වසර ඔයාට කොහොමද..?

ලග්න පලාපල බලන්න කැමතිද...? එහෙනම් පහත ලින්ක් එකට ගිහින් ඔයාට මේ නව වසර කොහොමද කියලා බලා ගන්නකෝ..!

Read ලක්බිම පලාපල>> http://www.data.gossiplankanews.com/arti/2013/lakbima1.php

Read සුබසෙත පලාපල>> http://www.data.gossiplankanews.com/arti/2013/subasetha1.php

Read මව්බිම පලාපල>> http://www.data.gossiplankanews.com/arti/2013/mawbima1.php

Read ලංකාදීප පලාපල>> http://www.data.gossiplankanews.com/arti/2013/lankadeepa1.php

Read රිවිර පලාපල>> http://www.data.gossiplankanews.com/arti/2013/rivira1.php

Read සිළුමිණ පලාපල>> http://www.data.gossiplankanews.com/arti/2013/silumina1.php

About

Nadeera Gayantha Weerasinghe