Call Our Toll-Free Number: 123-444-5555

නොමිලේ ලංකාවට කථා කරන්න ක්‍රමයක්

නොමිලේ ලංකාවට කථා කරන්න ක්‍රමයක් හොය හොය ඉන්නකොට මේ අපූරු ඇප්ලිකේශන් එක හම්බුනේ..
මේක මම නං පාවිච්චිකරේ iPod එකෙන්..
Android,windows,mac හැම එකකම වැඩ..
කරන්න තියෙන්නේ ඇපල් ස්ටෝර් එකට ගිහිල්ලා Friendcaller කියලා සර්ච් කරලා මේක ඉන්ස්ටෝල් කරගන්න එක...
අනික් Operating systems තියෙන අයටත් මේ විදියටhttp://www.friendcaller.com වෙබ් සයිට් එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්...
Andriod Market එකෙන් ඇන්ඩ්‍රොයිඩ්ලට ගන්න පුළුවන්...
මුලින්ම රෙජිස්ටර් වෙලා එකවුන්ට් එකක් හදාගන්න...

මේ විදියට තමයි පේන්නේ ලොග් උනාම..
තමන්ගේ එකවුන්ට් එකට ඇඩ් කරගත්ත යාළුවන්ට ඔන්ලයින් ඉන්නවනං කෝල් කරන්න මැසේජ් ගහන්න පුළුවන් නොමිලේ..
මේ විදියට Profile එකට ගියාම තව වටින දෙයක් තියෙනවා අපිටම කියලා ඇමරිකානු ටෙලිෆෝන් නම්බර් එකක් ගන්න පුළුවන් මාසෙකට .99$ කට..
බය වෙන්න එපා ඒකත් නිකං..
ගොඩක් වෙලාවට ගෙදරින් කෝල් කරන්නේ මේ නම්බර් එකට...
සලංහන්තෙට කෝල් කරනවට වඩා හැට ගුනයක් වගේ ගනං අඩුයි නේ ඇමරිකාවට..

මෙන්න නොමිලේ කෝල් කරන්න සල්ලි එකතුකරගන්න හැටි...

මේ විදියට More>Earn free Minutes වලට ගියාම ඔය වගේ ඇප් තියෙනවා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න..
ඒ එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙන ගේම් එකක්නං ප්ලේ කරාම ඔය ගාන ඇඩ් වෙනවා එකවුන්ට් එකට..
ගොඩක් වෙලාවට සත 30 හම්බෙනවා ඇප් එකකට..
මෙන්න මේ වගේ සමහර වෙලාවට පෙන්නනවා Free Video කියලා...
සත 4 හම්බෙනවා ඒ එකකට...
ගොඩක් වෙලාවට මේ Free video තමයි වැඩි පුරම තියෙන්නේ...
වීඩියෝ පහ හයක් තියෙනවා එක පාරකට...
දවසකට දෙතුන් පාරක් මේවගේ අළුත් ඇප්ස් සහ වීඩියෝ ඇඩ් කරනවා ඒගොල්ලෝ..
සැරින් සැරේ බැළුවම අළුත් ඒවා පේනවා..
ඔය විදියට එකතු කරගත්ත 5.23 මගේ එකවුන්ට් එකේ තිබුනා මේ වෙලාව වෙනකොට..
Dial Pad එකට ගිහිල්ලා මේවගේ ලස්සනට ඩයල් කරලා කෝල් කරන්න පුළුවන්..
ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවලා මේ වගේ මිනිත්තු ගන්නත් පුළුවන්...
ඒත් නිකං හම්බෙන එකේ මොකටද සල්ලි ගෙවන්නේ...
මේ තියෙන්නේ මැසේජ් ගහන තැන...
මේකත් ඔන්ලයින් යාළුවන්ට නොමිලේ..

ඔන්න ඔහොම තමයි කෝල් ගන්නේ නොමිලේ ලංකාවට...
මෙන්න ලංකාවෙට කෝල් චාජස්...
දවසකට තුන් හතර පරක් ඔය වගේ වීඩියෝ , අළුත් ඇප්ස් දානවා ඒක නිසා දවසකට සත 50 වගේ නිකන්ම ගන්න පුළුවන්..
ඇප්ස් එක පාරක් Install කරලා ආයිත් එහෙම කරාට සල්ලි ඇඩ් වෙන්නේ නෑ...
වීඩියෝනං බලන බලන පාරට සල්ලි එකතුවෙනවා..
ඔය පහලින් තියෙන Free survey කරාමත් ඒ කියලා තියෙන සත ගනන් එකතුකරගන්න පුළුවන්..
වැඩේ කරලා බලන්නකෝ...
මම නං ගොඩක් වෙලාවට "කොම්පියුටර් එක ඔන් කරන්න"
කියන මැසේජ් එක දෙන්න තමයි මේක පාවිච්චි කරන්නේ...

මේ තියෙන්නේ මම ලඟදී iPod එකට දාපු Windows 7 Theme එක..
ලස්සනයි වැඩේ ...කස්ටිය කොර...
මෙන්න කරගන්න විදිය..

0 comments:

About

Nadeera Gayantha Weerasinghe